අධි රුධිර පීඩනය

බොහෝ අවස්ථාවලදී, අධි රුධිර පීඩනය සඳහා නිසැක හේතුව පැහැදිලි නැත. නමුත් ඔබේ අවදානම වැඩි කළ හැකි කරුණු කිහිපයක් තිබේ.

අධි රුධිර පීඩනය අවදානමට ලක් වන්නේ කවුද?

අධි රුධිර පීඩනය වර්ධනය වීමේ අවදානමක් මතු විය හැකි සාධක:

  • වයස - වයසින් වැඩි වන විට අධි රුධිර පීඩනය වැඩි වීම අවදානම වැඩි කරයි
  • අධි රුධිර පීඩනය පිළිබඳ පවුල් ඉතිහාසයක් තිබේ නම්
  • අප්‍රිකානු හෝ කැරිබියන් සම්භවයක් ඇති නම්
  • ඔබේ ආහාරවල ලුණු අධික ප්‍රමාණයක් ඇති නම්
  • ව්‍යායාම හිඟවීම
  • අධිබර හෝ තරබාරු
  • නිරන්තරව මත්පැන් විශාල ප්‍රමාණයක් පානය කිරීම
  • දුම්පානය
  • දිගුකාලීන නින්ද අහිමි වීම

සෞඛ්ය සම්පන්න ජීවන රටාව වෙනස් කිරීම මගින් ඔබේ රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමක තබා ගැනීමට උපකාරී වේ.

අධි රුධිර පීඩනය නිසා ඇතිවන බලපෑම්

රෝගීන් 20 ට එක් අයෙකුට අධි රුධිර පීඩනය ඇති වනුයේ ඖෂධ හෝ මත්කුඩු භාවිතා කිරීමේ ප්‍රතිපල ලෙසටය. අධි රුධිර පීඩනය ඇති විය හැකි හේතු:

  • වකුගඩු රෝගය
  • දියවැඩියාව
  • දිගු කාලීන වකුගඩු ආසාධන
  • බාධාකාරී ස්ලිප් ඇප්නියා (Sleep apnea) - නිදා ගන්නා විට උගුරේ බිත්තියේ ලිහිල් වීම හා පටු වීමේ හේතුව මත සාමාන්‍ය හුස්ම ගැනීමට බාධා ඇති වීමේ තත්වය
  • ග්ලොමෙරුලෝනේෆ්රයිටිස් (Glomerulonephritis) - වකුගඩු තුළ ඇති කුඩා පෙරහන් වලට හානි කිරීම
  • වකුගඩු වලට රුධිරය සපයන ධමනි කුඩා වීම
  • හෝර්මෝන අක්‍රිය තයිරොයිඩ්, අධි ක්‍රියාකාරී තයිරොයිඩ්, කුෂින් ගේ සින්ඩ්‍රෝමය ඇක්‍රෝමෙගලි (Acromegaly) ඇල්ඩොස්ටෙරෝන් හෝර්මෝනය වැඩි වීම (හයිපරැල්ඩොස්ටෙරොනිස්ම්) (Hyperaldosteronism) සහ ෆියෝක්‍රොමෝසයිටෝමා (Phaeochromocytoma) හෝර්මෝන වල තත්වය ඉහල යාම වැනි
  • ලූපස් (Lupus) -ප්‍රතිශක්තිකරන පද්ධතිය සම, සන්ධි සහ අවයව වැනි කොටස් වල කොටස් වලට පහර දෙයි**

    • ස්ක්ලෙරෝඩෝමා (Scleroderma)-සමහරවිට සම ඝන වීම, ඉන්ද්‍රියන් සහ රුධිර නාල වල ගැටළු වලට හේතු වන තත්වයකි

රුධිර පීඩනය වැඩි වීමට හේතුවන ඖෂධ වල අඩංගු:

  • මුඛය මගින් ලබා ගන්නා උපත් පාලන පෙති
  • ස්ටෙරොයිඩ් ඖෂධ
  • ස්ටෙරොයිඩ නොවන ප්‍රති-ප්‍රදාහ ඖෂධ (NSAIDs) එවැනිඅයිබියුප්රොෆෙන් (Ibuprofen)</ සහ නැප්‍රොසෙන් (naproxen)

    • සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සඳහා බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව, කවුන්ටරයෙන් ලබා ගන්නා පිළියම්
    • සමහර ශාකසාර පිළියම් - විශේෂයෙන් වැල්මී අඩංගු
    • සමහර මත්ද්‍රව්‍ය - කොකේන් (Cocaine) සහ ඇම්ෆෙටමින්ස් වැනි
    • SSNRI සහ වෙන්ලාෆැක්සින් (venlafaxine) වැනි ඇන්ටි ඩිප්‍රෙසන්ට් (Antidepressants) ඖෂධ

මෙම අවස්ථාවන්හි දී, ඖෂධ භාවිතය නැවතූවිට ඔබගේ රුධිර පීඩනය නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වේ.